ජපන් සමාගමක් සඳට යැවූ යානය අක්‍රිය වෙලා



ජපානයේ ‘ස්ටාර්ට් අප් ඉස්ස්පේස්’ නමැති සමාගම සඳට යානයක් යැවූ නමුත් එය අසාර්ථක වී තිබේ. පෞද්ගලික සමාගමක්, අභ්‍යවකාශ යානයක් සඳට යැවීමට තැත් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

‘ස්ටාර්ට් අප් ඉස්ස්පේස්’ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන්ගේ ‘හකුටෝ ආර්’ චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට ගොස් සඳ මතුපිටට ගොඩබෑමට තැත් කළ බවත් එම අවස්ථාවේදී යානය සමඟ පැවැති සියලු සබඳතා බිඳ වැටුණු බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS