ජපන් කොරෝනා පෙත්ත හිතුවටත් වඩා සාර්ථකයි



‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ පසු එය අඩපණ කිරීමට ජපානයේ ‘ෂියෝනොගී’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති බෙහෙත් පෙත්ත ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත්, එම පෙත්තට සිරුරේ ඇති ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ සියල්ල සම්පූර්ණයෙන් විනාශ කර දැමිය හැකි බවත් පැවැසෙයි.

බෙහෙත් පෙත්ත නම් කර ඇත්තේ ‘එස්.217622’ යනුවෙනි. ඖෂධය සම්බන්ධයෙන් පළමු, දෙවැනි සහ තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සාර්ථක වී ඇති බවත්, මෙතෙක් ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති සාර්ථකම ප්‍රතිකර්මය මෙම බෙහෙත් පෙත්ත බවත් ‘ෂියෝනොගී’ සමාගම වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

මේ වනවිට ‘කොවිඩ් 19’ ආසාදිනය වූවන් කඩිනමින් සුවපත් කිරීමට ලොව පිළිගත් ඖෂධ සමාගම් රැසක් විවිධාකාරයේ බෙහෙත් පෙති නිර්මාණය කර ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS