ජනපතිවරණයට ඉදිරිපත් වෙනවාදැයි දැන්ම කියන්න බෑ



දෙවැනි ධුර කාලය සඳහා 2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් නමුත් දැන්ම එය නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි.

‘ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මා සූදානම්. ඒත් දැන්ම නිල වශයෙන් ඒක කියන්න බැහැ’ යැයි බයිඩන් පැවැසුවේ එන්.බී.සී. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ජෝ බයිඩන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයාය. බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වූයේ 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, එක් අපේක්ෂකයකුට ධුර දෙකක් සම්පූර්ණ කළ හැකිය.

2020 වසරේ, බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත්වූයේ, රිපබ්ලිකන් ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජය කරමිනි. 80 හැවිරිදි බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය. බයිඩන්ගේ දෙවැනියා වන උප ජනාධිපති කමලා හැරිස් ද පවසා ඇත්තේ 2024 ජනාපධිතිවරණයට තමන් ඉදිරිපත් වන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS