ජනපතිවරණය ජයගත් බව සැල්වදෝර් ජනාධිපති කියයි



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකේලේ සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියා සිටියේ, පැවැති ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බවත්, පිටපිට දෙවැනි වරට තමන්ට ජනවරමක් හිමිවුණු බවත්ය.

42 හැවිරිදි ජනාධිපති නයිබ් බුකේලේ වැඩි දුරටත් කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලවලින් ඔහු සියයට 85 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත් වී සිටින බවය. කෙසේ නමුත් මේ බව, එල් සැල්වදෝර මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර නොතිබුණි.

ලතින් ඇමෙරිකා කලාපයේ බිහිසුණු ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු රටක් ලෙස එල් සැල්වදෝර සැලකිණි. කෙසේ නමුත්, නයිබ් බුකේලේ රටේ අපරාධ මැඩලීමට දැඩි පියවර රැසක් අනුගමනය කළ බැවින්, වර්තමානයේ එල් සැල්වදෝරය ජීවත් වීමට ආරක්ෂිත තැනක් බවට පත්වී අවසන්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS