ජනපති මාණ්ඩලික ප්‍රධානියා මරුට
නයිජීරියා ජනාධිපති මුහම්මද්දු බුහාරිගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ අබ්බා කයාරි, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි පැවැසෙයි.
තම මාණ්ඩලික ප්‍රධානියා මියගිය බව නිවේදනය කළේ ජනාධිපති බුහාරිය. නයිජීරියාව අප්‍රිකානු රටකි. අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් සහිත රට ලෙස සැලකෙන්නේ ද නයිජීරියාවය.
70 හැවිරිදි වියෙහි පසුවුණු අබ්බා කයාරි, ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී දින ගණනක් රෝහල්ගතව සිටියේය. වෛද්‍යවරුන් ද පවසා ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවැති බවය. කෙසේ නමුත් හදිසියේ අබ්බා කයාරි මියගොස් ඇතැයි නයිජීරියානු ජනධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.
අබූජාහිදීය (රොයිටර්)