ජනපති පුටින් තර්ජනය කරලා



රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ, යුක්රේනයට සහාය දැක්වීමට තීරණය කළ විට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

යුක්රේනයට සහාය දැක්වීම සම්බන්ධයෙන්, මහා බ්‍රිතාන්‍යයට මිසයිල ප්‍රහාර එල්ල කරනවා යැයි රුසියන් ජනාධිපති පුටින් තමන්ට දුරකතන ඇමතුමක් දී පැවැසූ බව හිටපු අග්‍රාමාත්‍ය ජොන්සන් පැහැදිලි කර තිබේ. ජොන්සන් මේ බව පවසා ඇත්තේ බීබීසී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් කරන එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසා ඇත්තේ, ජොන්සන් අවධානය දිනා ගැනීමට උත්සාහ ගන්නා බවය.

(රොයිටර්)


RECOMMEND POSTS