ජනපති ට්‍රම්ප් කනස්සල්ලෙන්
ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවූ, එන්නත පළමුවෙන් බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනස්සල්ලට හේතුවක් වී තිබේ.
ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් කරමින්, එන්නතක් නිපදවීමට කටයුතු සලසා දුන්නේ, ජනාධිපති ට්‍රම්ප් ප්රමුඛ ඔහුගේ පරිපාලනයයි. ඒ, එන්නත නිපදවීමෙන් පසු එය පළමුවෙන් ඇමෙරිකානුවන්ට ලබා දිය යුතුයි යන කොන්දේසිය යටතේය. ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවූ එන්නත මේ වනවිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට විශේෂ නියෝගයකට අත්සන් තබා ඇත. ඒ, ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම නිපදවූ එම එන්නත වෙනත් රටවලට දීමට පෙර ඇමෙරිකානුවන්ට ලබා දීම කළ යුතු බවටය.
මේ අතර, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක්වී නිපදනවා ඇති ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නත් ඉදිරි දිනවල කැනඩාවට ලැබෙනු ඇති බවත්, ලබන ජනවාරියේ සිට එන්නත් ලබා දීම සිදු කරන බවත් කැනඩා රජය පවසයි.
ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ බයෝ ඇන්ටෙක් සමාගම සමඟ හවුල් වෙමිනි. ඇමෙරිකාවේ මොඩර්නා සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ සියයට සියයක් ඇමෙරිකන් තාක්ෂණය යොදා ගනිමිනි.
‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ සමාගමේ එන්නතට, කැනඩා රජයේ අනුමැතිය හිමිවී ඇත්තේ, කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින්, හදිසි තත්ත්වයක් ලෙස සලකා එන්නත් මිලදී ගැනීම සිදු කරන බව පැවැසෙයි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)