චීනයේ පතල් අනතුරක්: 2 ක් මරුට: 50 ක් සිරවෙති



උතුරුදිග චීනයේ, ඇල්සා ලීග් පළාතේ ගල් අගුරු පතලක් කඩා වැටීමෙන් පතල් සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. පතල කඩා වැටීමෙන් සිරවුණු පතල් සේවකයන් ගණන 50 කි.

සිරවුණු පතල් සේවකයන් ආරක්ෂිතව මුදා ගැනීමට මේ වනවිට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇතැයි ෂිංහුවා පුවත් සේවය පවසයි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වූයේ අනතුර සිදුවුණු සැණින්ය. එම අවස්ථාවේ තිදෙනකු බේරා ගැනීමට හැකිවිය.

(රොයිටර්)


RECOMMEND POSTS