චීනයේ දුෂ්ටත්වයට එරෙහි වෙන්න ඕනෑ
නිදහස් ලෝකය චීනය වෙනස් කළ යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය.
නිදහස් ලෝකය චීනය වෙනස් කළ යුතු බවත් එසේ නැතිනම් චීනය අප වෙනස් කරනු ඇති බවත් හෙතෙම කීය. "චීනයේ නව දුෂ්ටත්වය, එසේත් නැතිනම් හිතුවක්කාර පාලනයට එරෙහිව නිදහස් ජාතීන් පියවර ගන්න ඕනෑ" ඔහු කීය. "චීනය දිගින් දිගටම ඒකාධිපති පාලනයක් ගෙන යනවා. ඔවුන් ඔවුන්ගේ රට තුළ දැඩි පාලනයක් ගෙනයනවා. ඒ වගේම අනෙක් සෑම තැනකම තියෙන නිදහසට චීනය දැඩි තර්ජනයක්" හෙතෙම කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ මෙම ප්‍රකාශයත් සමඟ ඇමෙරිකාව සහ චීනය අතර මේ වනවිට පවතින මත ගැටුම් උග්‍ර කරනු ඇති බවත් නව අර්බුදයක් ඇති කරනු ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
"නිදහස් ලෝකය කොමියුනිස්ට් චීනය වෙනස් කළේ නැත්නං, කොමියුනිස්ට් චීනය අප වෙනස් කරාවි" යැයි යැයි ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කීය. කැලිෆෝනියාවේ යෝර්බා ලින්ඩා හි රිචඩ් නික්සන් පුස්තකාලයේ දී හෙතෙම එම කරුණු කීවේය.
ඒ.එෆ්.පී