චීනයේ අලුත් කොරෝනා රැල්ලක්



චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. චීන වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, එරට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයට අයත් උප ප්‍රභේද දෙකකි. එම උප ප්‍රභේද ‘එක්ස්බීබී 1.9.1’ සහ ‘එක්ස්බීබී 1.5’ යනුවෙන් නම් කර තිබේ.

මේ වනවිට චීනයේ ප්‍රධාන නගර රැසකින් මෙම උප ප්‍රභේද ආසාදනය වූවන් හමුවී ඇත. එලැබෙන ජූනි මාසය වනවිට තවත් ආසාදිතයන් හමුවීමට ඉඩ ඇති බැවින් චීන රජය සහ සෞඛ්‍ය අංශ ලහිලහියේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන් ද ආරම්භ කර ඇත.

‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 වසර අවසානයේය. පළමුවෙන් වයිරස ආසාදිතයන් වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසයේ සුලමුල තවමත් අබිරහසකි. කෙසෙු නමුත් මේ වනවිට වයිරසයේ සැර බාල වී අවසන්ය. ‘කොවිඩ් 19’ ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS