චීනයත් සොලමන් දූපත සමඟ ගිවිසුම් අත්සන් කරයි



චීනය සහ සොලමන් දූපත් රාජ්‍යය නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් කළ බව චීන විදේශ අමත්‍යාංශ ප්‍රකාශක වෙන්ග් වෙන්බින් පවසයි. මෙය ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

නව ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ සොලමන් දූපත් රාජ්‍යයේ විදේශ සහ වෙළෙඳ කටයුතු අමාත්‍ය ජෙරමායා මනේලේ අතරේය. සොලමන් දූපත් රාජ්‍යයේ සමාජ ස්ථාවරත්වය සඳහා මෙම සහයෝගිතා ගිවිසුම ඉවහල් වනු ඇතැයි ද පැවැසෙයි.

සොලමන් දූපත් රාජ්‍යයට ප්‍රධාන දූපත් 6 ක් සහ කුඩා දූපත් 900 ක් අයත් වෙයි. සොලමන් දූපත් රාජ්‍යය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවට ඉහළිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS