චීනයට යෑමෙන් වළකින්න - ඇමෙරිකාව
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී, මේ වනවිට මුළු ලෝකය පුරා පැතිරගොස් ඇති නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව අනතුරු ඇගවීමක් කර ඇත.
ඇමෙරිකාව මෙම අනතුරු ඇගවීම කළේ වයිරසය ආසාදනය වූ 213 ක් මියයෑමත් වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගැනීමත් සමගය.
ඇමෙරිකාව පමණක් නොව, රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අගවා ඇත්තේ චීනයට යෑමෙන් වැළකී සිටින ලෙසටය.
(අල් ජසීරා)