චීනයට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්




චීනයේ ගිනිකොණ දිග වෙරළ තීරය හරහා ‘ඩොක්සුරි’ සුළි කුණාටුව රට තුළට කඩා වැදුණි. ‘ඩොක්සුරි’ සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවර අනාරක්ෂිත ස්ථානවල ජීවත් වූ 31,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවරට මිලිමීටර 140.7 ක වර්ෂාවක් පතිත විය. එය මේ වසරේ ලැබුණු වැඩිම වර්ෂාපතනය බව ද චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘ඩොක්සුරි’ සුළි කුණාටුව වසර ගණනාවකට පසු චීනයට බලපෑ ප්‍රබලතම කුණාටුවක් වන අතර, එහි වේගය පැයට කිලෝමීටර 175 ක් බව ද පැවැසෙයි.

මේ අතර චීන කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ තවත් සුළි කුණාටුවක් ද චීනයට දෙසට ළඟාවෙමින් පවතින බවය. ‘ඩොක්සුරි’ සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පිලිපීනය පසු කරමිනි. සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ 39 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි.


RECOMMEND POSTS