චීනය සමඟ සීතල යුද්ධයක් නෑ
චීනය සමඟ පවතින ඇයිහොඳයිකම් කිසිදු ආකාරයකින් පළුදු නොවනු ඇති බවත්, චීනය සමඟ සීතල යුද්ධයක් ඇති කර නොගන්නා බවත් යුරෝපා සංගමය අවධාරණය කර තිබේ.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයෙනි. වයිරසයේ ආරම්භය, ව්‍යාප්තිය සහ එහි බිහිසුණු ස්වභාවය ලෝක සෞඛ්‍ය සංවිධානයටත් ලෝකයටත් වසං කළේ යැයි චීනයට චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනා මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතරේත්, ඕස්ටේලියාව සහ චීනය අතරේත් මේ වනවිට අර්බුදයක් පවතී. යුරෝපා සංගමයට අයත් රටවල් සහ චීනය අතර කිසිදු ගැටුමක් නොමැති බවත් දෙරට අතර සබඳතා වෙනස් නොවී පවතින බවත් යුරෝපා සංගමයේ විදෙස් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ජොසෙප් බොරෙල් පවසා ඇත.
බ්‍රසල්ස්හිදීය (රොයිටර්)