චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්



මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ චීනයේ ක්‍රියා කලාපය, බ්‍රිතාන්‍යයට පෑහෙන්නේ නැතැයි පෙන්වා දෙමිනි.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්, බ්‍රිතාන්‍ය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ අයුරින් බරපතල ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

(රොයිටර්)


RECOMMEND POSTS