චීනය ඩොලර් බිලියන 240 ක් වැය කරලා



අර්බුද වලට මුහුණ පා සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල් 22  ක් එම අර්බුද වලින් ගොඩ ගැනීම සඳහා 2008 සහ 2021 වසර තුළ චීනය, ඇමෙරිකන් ඩොලර් බිලියන 240 ක මුදලක් එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ලබා දී ඇතැයි ප්‍රකාශයට පත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි.

ඉන් සියයට 80 ක ප්‍රමාණයක්, 2016 සහ 2021 වසර කාලය තුළ ප්‍රධාන වශයෙන් ආර්ජන්ටිනාව, පාකිස්තානය සහ මොංගෝලියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දී ඇති බව ද අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් පවසා ඇත.

චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා බිලියන ගණනක් ලබා දී ඇතත්, 2016 වසරෙන් පසු ව්‍යාපෘති බොහොමයක් අසාර්ථක වී ඇති බවත් චීනය බලාපොරොත්තු වූ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් අධ්‍යයන වාර්තාව පෙන්වා දී තිබේ.

ණය අර්බුදයෙන් පීඩා විඳින රටවල් චීනය ලබා දී ඇති ණය අතරින් ආර්ජන්ටිනාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 111.8ක්, පාකිස්තානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 48.5 ක් සහ ඊජිප්තුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක් ලබා දී ඇති අතර රටවල් 9 කට ලබා දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා අඩු මුදලක් බව අධ්‍යයන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එසේම චීන මහජන බැංකුව විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 170 ක මුදලක් සුරිනාමය, ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව ඇතුළු රටවලට ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

එසේම චීන රාජ්‍ය බැංකු කෙටි කාලීන මූල්‍ය පහසුකම් යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 70 ක මුදලක් අර්බුද වලින් පීඩා විඳින සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS