චීන සොල්දාදුවා ආපසු දෙයි



ඉන්දීය හමුදාව විසින් අල්ලා ගනු ලැබූ චීන සොල්දාදුවකු ආපහු චීන හමුදාවට බාර දී ඇතැයි වාර්තා වේ.

මෙම සොල්දාදුවා ඉන්දීය හමුදාව විසින් අල්ලා ගත්තේ, ඉන්දු චීන දේශසීමාව හරහා වැරදීමකින් ඉන්දියාවට අයත් භූමියට ඇතුළු වී සිටිද්දීය. තම සොල්දුදාවා ආපසු බාරදීම සම්බන්ධයෙන් චීන රජය ඉන්දියාවට ස්තුති කර ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාවත් චීනයත් අතර පසුගිය මාස කීපයේ දේශසීමා ගැටුම් පැවැතිණි. කෙසේ නමුත් දෙරටේ විදේශ ඇමැතිවරුන් අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වීමත් සමඟ ගැටුම් මුළුමනින්ම නැවැතී ඇත.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS