චීන සමාජයේ ‘ඔමික්‍රෝන්’ පැතිරේ



චීනයේ පළාත් රැසකින් මේ වනවිට වැඩි වශයෙන් ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් හමුවී ඇති බවත්, ‘ඔමික්‍රෝන්’ චීන සමාජයේ පැතිරෙන බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

එලැඹෙන පෙබරවාරියේ ශීත ඔලිම්පික් උළෙල චීනයේ පැවැත්වීමට නියමිතය. ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය බෙයිජීං නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලට බාධායක් එල්ල විය හැකි යැයි බියක් ද හටගෙන ඇත.

චීනයේ පළමුවෙන් ම මික්‍රෝන් ආසාදිතයින් හමු වූයේ ටියැන්ජින් නම් වරාය නගරයෙනි. මේ වනවිට හෙනන් ඇතුළු රට අභ්‍යන්තරයේ පළාත්වලින් ද ආසාදිතයින් වාර්තා වීමට පටන්ගෙන තිබේ.

(ඒ.එෆ්.පි.)


RECOMMEND POSTS