චීන විදේශ ඇමැති රුසියාවේ සංචාරයක



හදිසියේම රුසියාවේ මොස්කව් අගනුවර බලා ගිය චීන විදේශ ඇමැති වැංග් යී සහ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවලින් එල්ල වන බලපෑම් සහ පැසිෆික් මුහුදු කලාපයේ හමුදා බලය වර්ධනය වීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයත් රුසියාවත් අතර උපායමාර්ගික සහයෝගීතාවක් වර්ධනය කර ගැනීමට හැකි වුණු බව චීන විදේශ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් පසුව පැවැසුවේය.

චීන විදේශ ඇමැති වැංග් යී, රුසියාවේ මොස්කව් අගනුවරට යෑමට පෙර, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ආරක්ෂක උපදේශක ජේන් සුලිවාන් හමුවී සාකච්ඡා කළේය. ඒ, යුරෝපා කලාපයට අයත් මෝල්ටා රාජ්‍යයේදීය. ඇමෙරිකාවත් චීනයත් අතර පවතින එදිරිවාදිකම් මඟහරවා ගැනීමේ අරමුණින් එම හමුව පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්විණි.


RECOMMEND POSTS