චීන රෝහලේ ගින්නට 25 දෙනෙක් බිලිවෙති



චීනයේ බෙයිජීං අගනුවර රජයේ රෝහලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 21 ක් බව පැවැසෙයි.
ගින්න හටගත් බව පැවැසෙන්නේ අලුයම 1 ට පමණය. ගින්න හටගත්තේ ෆෙන්ටාජි දිස්ත්‍රික්කයේ චැංග්ෆෙංග් රෝහලේය.

ගිනි නිවන හටයන් රෝහල වෙත පැමිණෙද්දී ගින්න හටගෙන පැයක් පමණ ගත වී තිබුණු බව ද වාර්තා වේ. ගින්නත් සැණින්, රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළු වී රෝගීන් කඩිනමින් ඉවත් කිරීම සිදුවුණු බව ද පැවැසෙයි. කෙසේ නමුත් ගින්නට හසුවී මියගිය වැඩි දෙනා අසාධ්‍ය තත්ත්යේ පසුවුණු රෝගීන් යැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS