චීන ගුවන් යානා තායිවාන ගුවනේ



චීන හමුදාවට අයත් ගුවන් යානා 11 ක් තායිවාන ගුවන් සීමාවට ඇතුළු වුණු බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම ගුවන් යානා ඊයේ (14)  තම ගුවන් සීමායට ඇතුළු වූ බව තායිවාන ආරක්ෂක අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.

වෙනම පාලනයක් සහිත දූපත් රාජ්‍යයක් වුවත්, තායිවානය තම කොටසක් යැයි චීනය විශ්වාස කරයි. තායිවානය සහ චීනය අතර අර්බුදයක් හටගත්තේ ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරය කිරීමෙන් පසුවය.

චීනය තායිවානයට අනතුරක් වන ආකාරයට තායිවානය අවට දැවැන්ත යුද අභ්‍යායක් පවා පවත්වා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS