චීන එන්නත ඉන්දුනීසියාවට
ඉන්දුනීසියා රජය චීනයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නත් තොගය පෙරේදා (7) ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ගෙනෙන ලදී.
චීන එනත මහා පරිමාණයෙන් මිලදී ගත් පළමු විදෙස් රට ලෙස ඉන්දුනීසියාව සැලකෙයි. ඉන්දුනීසියාව මිලදී ගෙන ඇත්තේ චීන රජය, හමුදාව සහ සෞඛ්‍ය අමත්‍යාංශය එක් වී නිපදවූ එන්නත බව පැවැසෙයි.
ඉදිරියේ දී ඉන්දුනීසියා වැසියන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩාඩෝ ජාතිය අමතමින් පවසා ඇත.
චීන එන්නත ඉන්දුනීසියා රජය විසින් මිලදී ගනු ලැබුවේ, ඊට ඉන්දුනීසියා ආහාර සහ ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසුවය. ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270 කි.
ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)