චීන ආරක්ෂක ඇමැති ජනපති පුටින් හමුවෙයි



නිල සංචාරයකට රුසියාවේ මොස්කව් අගනුවර බලා පැමිණි, චීන ආරක්ෂක ඇමැති ලී සැංග්ෆු සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, රුසියාව සහ චීනය අතරේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින්ය.

චීන ආරක්ෂක ඇමැති ලී සැංග්ෆු මෙන්ම, සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ද බටහිර සම්බාධක පැනැවීමක් සිදු කර තිබේ. රුසියන් ජනාධිපති පුටින්ට සම්බාධක පනවා ඇත්තේ යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හේතුවෙනි. චීන ආරක්ෂක ඇමැති ලී සැංග්ෆුට බටහිර සම්බාධක පැනැවීමක් කර ඇත්තේ 2017 වසරේ සිදුවුණු ගුවන් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙනි.

චීන ආරක්ෂක ඇමැති ලී සැංග්ෆු සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ පැවැත්වුණු සාකච්ඡාවට රුසියන් ආරක්ෂක ඇමැති සර්ගේ ෂොයිගු ද එක් වී සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS