චාල්ස් කුමරුන්ගෙන් ප්‍රශ්න කරන්න යයි
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන්ගේ සුබසාධන පදනම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙම පදනමේ ප්‍රධාන විධායක අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේ මයිකල් ෆොසෙට් ය. ෆොසෙට් රජ පවුලේ සමීපතමෙයකි.
සෞදි බිලියනපතියෙකු වන මාෆොස් මරෙයි මුබාරක් බින් මාෆොස්ගෙන්, මයිකල් ෆොසෙට් චාල්ස් කුමරුන්ගේ පදනමට පවුම් දහස් ගණනින් මුදල් ආධාර ලබා ගෙන ඇත්තේ ඔහුට සෞදි ‘නයිට්’ පදවියක් සහ බි්රතාන්යයේ පුරවැසිභාවය ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.
මෙම චෝදනා එල්ල වෙද්දී, ෆොසෙට් සුබසාධන පදනමේ විධායක ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ පසුගිය වසර අවසානයේය. එම අවස්ථාවේදී එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කිරීමට ද ෆොසෙට් කටයුතු කළේය.
ලන්ඩන් මෙට්‍රෝපොලිස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මෙම චෝදනා සම්බන්ධයෙනි. එම විමර්ශනවලට අදාලව, 73 හැවිරිදි චාල්ස් කුමරුන්ගෙන් ප්‍රශ්න කිරීමට ද නියමිත බව පැවැසෙයි.
දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස නිරෝධායනයට යොමු වුණු චාල්ස් කුමරු පවසා ඇත්තේ තමන් පොලිස් විමර්ශනයට සහාය දක්වන බවත්, පොලිසියට ප්‍රකාශයක් දීමට සූදානමින් සිටින බවත්ය.
ලන්ඩන් මෙට්‍රොපොලිස් පොලිසිය සිය විමර්ශන කටයුතු ආරම්භ කළ බව පැවැසෙන්නේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ රාජාණ්ඩු විරෝධී කණ්ඩායමක් විසින් මෙට්‍රොපොලිස් පොලිසියට චාල්ස් කුමරු සහ මයිකල් ෆොසෙට් සම්බන්ධයෙන් යැවූ ලිපි දෙකක් සැලකිල්ලට ගනිමින් යැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්)