ඝාතකයා එල්ලා මරා දැමෙයි



වසර 14 කට පෙර, පුද්ගලයන් අට දෙනකු ඝාතනය කළ ජපන් ජාතික 39 හැවිරිදි ටොමොහීරෝ කේටෝගේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණි.

2008 වසරේ, ටොමොහීරෝ කේටෝ, ට්‍රක් රථයක් පදවා ගෙන යමින්, අකිහබාරා නගරයේ පදික වේදිකාවක ආහාර ගනිමින් සිටි පිරිසක් යට කරමින් ඔවුන් ඝාතනය කළේය.

එයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන්පසු ටොමොහීරෝ කේටෝ, පිහි ප්‍රහාරයක් එල්ල කරමින් තවත් සිවු දෙනකු ඝාතනය කළේය. තවත් අට දෙනෙක් බරපතල තුවාල ලැබූහ.

එම පිරිස තමන්ට නිතර විහිළු කළ බැවින්, තමන් ඔවුන් මරා දැමූ බව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ටොමොහීරෝ කේටෝ පැවැසුවේය. ඒ වනවිට ටොමොහීරෝ 25 හැවිරිදි වියෙහි පසුවිය.

ටොමොහීරො කළ එම ඝාතනය ජපාන ඉතිහාසයේ සිදුවුණු දරුණුතම සමූහ ඝාතනය යැයි පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS