ගෝලීය ළමා ප්‍රතිශක්තිකරණ අවදානමේ



ගෝලීය ළමා ප්‍රතිශක්තිකරණ මට්ටම වඩාත් අවදානම් සහගත ලෙස පහළ බැස ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානය එළිදැක්වූ නවතම වාර්තාවේ දැක්වෙන්නේ, දරුවන් හතරෙන් තුනකට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බවය.

පසුගිය වසරේදී ලොව බොහෝ රටවල ළමා ප්‍රතිශක්තිකරණය අඩපණ වී ඇති බවත් එය සරම්ප රෝගය වේගයෙන් ව්‍යාප්තවීමට හේතුවක් වූ බවත් එම වාර්තාවේ දැක්වෙයි.

රටවල් 31 ක පමණ එන්නත් නොලද දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ළමයින් මිලියන 6.5 ක් පමණ ඩී.ටී.පී. එන්නතෙහි පූර්ණ මාත්‍රාවන් සම්පූර්ණ කර නැත. ගැබ් ගෙළ පිළිකාවට එරෙහි එච්.පී.වී. එන්නත සියයට 50 කට පමණ එන්නත්කරණය සිදු කර නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.


RECOMMEND POSTS