ගොවීන් යට කළැයි ඉන්දීය ඇමැති පුතුට චෝදනා



ඉන්දීය රජයේ නව පනත්වලට විරෝධය දක්වමින්, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්ෂ්මීපූර් කේරී දිස්ත්‍රික්කයේ ගොවි විරෝධතාවක අතරතුරේ හටගත් ගැටුමකින් පුද්ගලයන් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ගැටුම හටගත්තේ, ඉන්දියාවේ නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමති අජේ කුමාර් මිශ්‍රාගේ පුත්‍රයාට අයත් මෝටර් රථයක් වීදි හරස් කර ගනිමින් විරෝධය පළ කරන්න වූ ගොවීන් සිවුදෙනකු යට කිරිමෙන් පසුව යැයි පොලිසිය කියයි. එම ගොවීන් සිවු දෙනා ජීවිතක්ෂයට පත් වුණු බව මාථ්‍ය වාර්තා කර තිබේ.

එම සිදුවීමෙන් කුපිත වූ පිරිස් වාහනයේ රියදුරාට පහර දී වාහනය ගිනිබත් කර ඇත. පහරදීමට ලක් වුණු රියදුරා ද ජීවිතක්ෂයට පත් විය. තමා හෝ තම පුත්‍රයා හෝ එම මෝටර් රථයේ නොසිටි බව නියෝජ්‍ය අමාත්‍ය මිශ්‍රා පසුව මාධ්‍ය හමුවේ පවසා ඇත.

මේ අතර, මෝටර් රථයට යටවීමෙන් මියගිය ගොවීන්ගේ හමුවීමට ගිය කොංග්‍රස් පක්ෂ නායිකාවක වන ප්‍රියංකා ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය මගින් රඳවාගත් බව දඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS