ගුවන්තොටුපොළ විවෘත කෙරේ
පාකිස්තානයෙන් ද කොරෝනා ආසාදිතයන් වාර්තා වන නමුත්, පාකිස්තාන රජය පවසා ඇත්තේ රටේ ආර්ථිකය කඩා වැටීම වැළැක්වීමේ අරමුණ ඇතිව එරට ගුවන්ගමන් යළි මුළුමනින්ම ආරම්භ කිරීමට තීරණය කළ බවය.
ඒ අනුව, අද (9) සිට පාකිස්තානයේ සියලු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි විවෘත විය. පාකිස්තානයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 283,487 කි. මරණ වාර්තා වන්නේ 6,068 ක් ලෙසය.
පාකිස්තාන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට ආාසදිතයන් ලෙස හඳුනාගත් පාකිස්තානුවන්ගෙන් සියයට 90 ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත.
(රොයිටර්)