ගුජරාට මැතිවරණය ඇරැඹේ



ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත මැතිවරණයේ පළමු අදිරය ආරම්භ විය. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත අතර පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙනුවෙනි.

ගුජරාටය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන බල කඳවුර ලෙස සැලකෙන්නේ ද ගුජරාටයයි. භාරතීය ජනතා පක්ෂය ගුජරාට ප්‍රාන්තයේ බලයේ සිටින්නේ 1995 වසරේ සිටය.

කෙසේ නමුත් මීට පෙර, 2002 සහ 2018 වසරවල පැවැති ප්‍රාන්ත මැතිවරණවලදී විපක්ෂ කණ්ඩායම්වලින් භාරතීය ජනතා පක්ෂය අභියෝග එල්ල විය.

මෙවර මහ මැතිවරණයට අරවින්ද් කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂය ද ඉදිරිපත් වීම විශේෂත්වයකි. ‘ආම් ආද්මී’ යනු දූෂණ විරෝධී දේශපාලන පක්ෂයක් වන අතර, දිල්ලි ප්‍රාන්ත සභාවේ බලය ඇත්තේ ‘ආම් ආද්මී’ පක්ෂය සතුවය. ‘ආම් ආද්මී’ පක්ෂය ඉන්දියාවේ තෙවැනි දේශපාලන බලවේගය ලෙස ද සැලකෙයි.

මීට අමතරව, රාහුල් ගාන්ධිගේ මෙහෙයවීම මැද ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රසය’ ද මැතිවරණයට ඉදිරිපත් වෙයි. ‘කොංග්‍රසයට’ වඩා වැඩි වාසි ‘ආම් ආද්මී’ පක්ෂයට හිමිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙවර ප්‍රාන්ත මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ ආසන 140 ක් දිනා ගැනීම බව පැවැසෙයි. මෙම මැතිවරණය භාරතීය ජනතා පක්ෂයේ පමණක් නොව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ද ජනප්‍රියත්වය උරගා බැලීමකි.

ගුජරාට ප්‍රාන්ත මැතිවරණයේ දෙවැනි අදියර ලබන 5 වැනිදා පැවැත්වෙයි. ඡන්ද ගණන් කිරීම ඇරැඹෙන්නේ දෙසැම්බර් අට වැනිදාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS