ගිනි කන්දේ තර්ජන අඩු වෙයි



ටොංගා දුපත් රාජ්‍යයට ඔබ්බෙන් මුහුදු පතුලේ පුපුරා ගිය ගිනි කන්ද හේතුවෙන් පැසිෆික් සාගර කලාපීය රටවලට එල්ල වුණු සුනාමි තර්ජන මේ වනවිට පහව ගොස් ඇති බව පැවැසෙයි.

කෙසේ නමුත් ගිනි කන්ද පුපුරා යෑමෙන් කිලෝ මීටර් ගණනාවක් දුරට නැගුණු දුමාරය ගුවන් ගමන්වලට බාධා එල්ල කර ඇති බව පැවැසෙයි.

ගිනි කන්දෙන් දැඩි බලපෑම් එල්ල වූයේ ටොංගා දූපත් රාජ්‍යයේ වැසියන්ටය. පුපුරා ගිය ගිනි කන්ද නම් කර ඇත්තේ හුන්ගා ටොංගා හුන්ගා හපායි යන නමිනි.

ගිනි කන්දේ තත්ත්වය නිරීක්ෂණයට නවසීලන්ත විද්‍යාඥයන් විශේෂ ගුවන් යානයකින් ඒ අවට මුහුදු කලාපයට යෑමට සූදානමින් සිටින බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS