ගැබොන් රාජ්‍යයට අන්තර්වාර පාලකයෙක්



කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත්තේ, රටේ අන්තර්වාර පාලකයා ලෙස තමන් කටයුතු කරන බවය.

ගැබොන් යනු මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයකි. පසුගිය දා ගැබොන් රාජ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර එයින් ජයගත්තේ 2009 වසරේ සිට ජනාධිපත ධුරය හොබවන අලී බොන්ගෝ ඔන්ඩිම්බාය.

තෙවැනි වරටත් අලී බොන්ගෝ ඔන්ඩිම්බා ජනාධිපතිවරණය ජය ගත්තේ යැයි මැතිවරණ කොමිසම නිවේදනය කළ සැණින්, ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා හමුදාව මෙහෙයවමින් රටේ බලය අල්ලා ගත්තේය.

මේ වනවිට, හමුදා අත්අඩංගුවට ගත් ජනාධිපති ඔන්ඩිම්බා සිය නිල නිවසේ නිවාස අඩස්සියේ සිටින බවත් වාර්තා වේ. හමුදාපති න්ගුවේමා, ජනාධිපති ඔන්ඩිම්බාගේ ඥාතියකු බව ද පැවැසෙයි.


RECOMMEND POSTS