ගායිකා ෂකිරාට බදු වංචා චෝදනා



ලොව අතිශය ජනප්‍රිය කොලොම්බියානු ගායිකා ෂකිරාට බචු වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් බර්සිලෝනා නුවරදී පැවැත්වෙයි.

ග්‍රැමී සම්මානලාභී ෂකිරාට අට වසරක සිර දඬුවමක් ලබා දෙන්නැයි පැමිණිලි පාර්ශ්වය ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

චෝදනා එල්ල වී ඇත්තේ, 2012 සහ 2014 අතර ඉපැයූ ආදායම මත, 46 හැවිරිදි ෂකිරා, ස්පාඤ්ඤ රාජ්‍යයට යුරෝ මිලියන 14.5 ක් (ඩොලර් මිලියන 15.7 ක්) වංචා කළ බවටය. ෂකිරා මෙ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.


RECOMMEND POSTS