ගවයන් වෙනුවෙන් ගිලන් රථ සේවයක්



හදිසි රෝගාබාධයන්ට ලක්වන ගවයන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට, ගවයන් සඳහාම වෙන්වුණු විශේෂ ගිලන්රථ සේවයක් හඳුන්වාදීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය සහ ප්‍රාන්ත කෘෂිකර්ම අමත්‍යාංශය පියවර ගෙන ඇත.

ගවයන් සඳහා වෙන් කළ විශේෂ ගිලන් රථ සේවාව පිළිබඳ දැනුවත් කරමින් පැවැති මාධ්‍ය හමුවේ දී, ප්‍රාන්ත කෘෂි කර්ම අමාත්‍ය ලක්ෂ්මි නාරායන් චෞද්‍රි පැහැදිලි කළේ ගිලන් රථ සේවය සඳහා 112 හදිසි අංකය ක්‍රියාත්මක වනු ඇති බවත්, පශු වෛද්‍යවරුන්ගෙන් සහ සහායකයන් සමන්විත ගිලන් රථ 515 ක් ගවයන්ට ප්‍රතිකාර කිරීමට සූදානමින් තබා ඇති බවත්ය.

ඉන්දියානුවන් ගවයා දේවත්වයෙන් සලකයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වැසියෝ ගවයන්ට නිරන්තරයෙන් පුද පූජා පවත්වති. ඉන්දියානුවන් (විශේෂයෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ) ගව මස් ආහාරයට ගන්නේ නැත. ගවයන් ඇති කරන්නේ කිරි සහ ගොම සඳහාය.

(රොයිටර්)


RECOMMEND POSTS