ගවයන් 6,000 ක් රැගත් නැවක් ගිලෙයි



නවසීලන්තයේ සිට චීනය බලා ගවයන් 6,000 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 43 දෙනකු රැගත් නැවක්, නැගෙනහිර චීන මුහුදේ ප්‍රචණ්ඩ සුළි කුණාටුවකට හසුවීමෙන් පෙරැළි ගිය බව ජපන් වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.

 

නැව අනතුරට පත්වුණු බව දැනගත් සැණින්, එය සොයා ගොස් ඇත්තේ ජපන් වෙරළාරක්ෂක නිලධාරීන්ය. ‘ගල්ෆ් ලයිව්ස්ස්ටොක් 1’ නමැති ගොවිපොල සතුන් ප්‍රවාහනය කරන මෙම නෞකාව හසුවූයේ කොරියානු අර්ධද්වීපයට කඩා වැදුණු මේසැක් සුළි කුණාටුවටය. නෞකාව අනතුරට පත් වූයේ ජපානයේ අමාමි ඔසිමා දූපතට ඔබ්බෙන් මුහුදේදීය.

ටෝකියෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS