ගල්ෆ් ව්‍යාපාරිකයන් ඉන්දු කාශ්මීරයේ



ගල්ෆ් රටවල ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ඉකුත් දා ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ සංචාරයක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා කරයි.

ගල්ෆ් රටවල ප්‍රධාන විධායක නිලධාරීන් 30 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් මෙලෙසෙ ජම්මු සහ කාශ්මීරයේ සංචාරය කළ අතර ඊට ඉන්දීය සම්භවයක් ඇති ව්‍යාපාරිකයෝ 12 දෙනෙක් ද එක්ව සිටියහ.

ජම්මු සහ කාශ්මීරය මේ වනවිට ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ශනයක් තිබෙන සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙන අතර විදේශ ආයෝජන ද ආකර්ශනය කරගෙන ඇත.

ඉදිරි මාස හයක කාලයේ දී ඉන්දීය රුපියල් කෝටි 70,000කට වැඩි ආයෝජන ලැබෙනු ඇතැයි  ජම්මු සහ කාශ්මීරය බලධාරීහු අපේක්ෂා කරති.

ඉන්දියාව ඉකුත් මාර්තු මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබූ අතර ඉන් අනතුරුව මෙම සංචාරය සිදු විණි.

ජම්මු සහ කාශ්මීරයේ ලුතිනන් ආණ්ඩුකාරවරයා මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කළ අතර ජම්මු සහ කාශ්මීරයේ ආයෝජනය කරන්නැයි ඔහු එහිදි ව්‍යාපාරිකයන්ගෙන් සහ සමාගම්වලින් ඉල්ලීමක් ද කළේ ය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS