ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් - ප්‍රංශය



ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සූදානම් වෙයි. මේ සම්බන්ධයෙන් ප්‍රංශ සෙනෙට් සභාවේ ඡන්ද විමසුමක් ද පැවැත් වුණු අතර, බහුතරයකගේ ඡන්ද හිමිවූයේ ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට කැමැත්ත පළ කරමිණි.

අදාල යෝජනාවට පක්ෂව ඡන්ද 267 ක් හිමිවුණු බවත් විරැද්ධව ලැබුණේ ඡන්ද 50 ක් පමණක් බවත් පැවැසෙයි. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැහැදිලි කර ඇත්තේ, ගබ්සාවක් තෝරා ගැනීමේ කාන්තා නිදහස හැරවිය නොහැකි බවට පත් කිරීම තම අරමුණ බවය.

1975 වසරේ සිට, ගබ්සාව ප්‍රංශයේ නීත්‍යාණුකූලව පැවැති අතර, එය ව්‍යවස්ථාව මගින් තහවුරැ කිරීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් පොරොන්දු වී ඇත.


RECOMMEND POSTS