ගගනගාමීන් වෙන්න පුහුණු වන 10 දෙනා



ඇමෙරිකාවේ නාසා ආයතනය මීළග ගගනගාමී පුහුණුව සදහා 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා තෝරා ගත්තේය. ඊට පිරිමින් 6 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනකු අයත් වන බව පැවැසෙයි.

මෙම පිරිස පහළ පෘථිවි කක්ෂයේ ද සිට චන්ද්‍රයා දක්වා වන ගගන මෙහෙයුම්වලට අනාගතයේ දිනක සහභාගී වනු ඇත.

ගගනගාමීන් පුහුණු වැඩසටහනව හරහා ගගනගාමීන් තෝරා ගැනීම වසර කීපයකට වරක් සිදුවෙයි. මෙවර අයැදුම්පත් කැඳවූ අවස්ථාවේදී, අයදුම්පත් 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබඅණු බව නාසා කියයි. දැඩි පරිශ්‍රමයකින් අනතුරුව අවසන් 10 දෙනා තෝරාගැනීම සිදු කෙරුණි.

 තෝරාගත් මෙම පිරිසට වසර දෙකක කාලයක් හූස්ටන්හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පුහුණුව ලබාදීම සැලසුම වී තිබේ. එහිදී T-38 Talon මාදිලියේ ජෙට් යානා මෙම පුහුණුව සදහා යොදාගන්නා බව සඳහන් වෙයි.

කණ්ඩායමට ඇතුළත් ළාබාලතම තැතැත්තිය වන්නේ අවුරුදු 32ක් වන නිකොලේ අයර්ස්ය. ප්‍රහාරක ගුවන් යානා නියමුවරියක වන ඇය කෙටි කාලයක් තුළ පියැසරි සැසි රැසකට සම්බන්ධ වී අත්දැකීම් ලැබූ තැනැත්තියකි

නිකොලේ අයර්ස් ට අමතරව මාර්කොස් බෙරියොස්, ක්‍රිස්ටිනා බිර්ච්, ඩෙනිස් බර්න්හාම්, ලූක් ඩෙලානි, ඇන්ඩෙ ඩග්ලස්,ජැක් හාත්වේ, ක්‍රිස්ටෝපර් විලියම්ස්, ජෙසිකා විටිනර් සහ අනිල් මෙතන් යන පිරිසද ගගනගාමී පුහුණු කණ්ඩායමට අයත් වෙති.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS