ගගනගාමීන් උඩු ගුවනට යවන්නත් ඉන්දියාව සූදානම්



ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගනිමින්, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට, ඉන්දීය ගගනගාමීන් යැවීමට, ඉන්දීය ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සූදානම් වෙයි.

‘නාසා’ ආයතනය සමඟ එක් වී, ඉන්දීය ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමට නියමිතව ඇත්තේ 2024 වසරේදීය. නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ සමුළුව අතරතුරේ ද ඊට සහභාගී වූ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ ඉන්දියාව සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානා යැවීම සම්බන්ධයෙන් මෙන්ම, හිරු ගවේෂණයට ඉන්දියාව රොබෝ යානයක් සාර්ථකව යැවීම සම්බන්ධයෙන් ද ඇමෙරිකා ජනාධිපති බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සුබ පැතුවේය.


RECOMMEND POSTS