ගංඟා ක්‍රියාන්විතය



යුක්රේනයේ සිටි ඉන්දීය ජාතිකයන් නැවත එරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර එය ‘ගංඟා ක්‍රියාන්විතය’ යනුවෙන් නම් කර ඇත.

රුසියාව-යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා විවිධ රටවල ජාතිකයන් යුක්රේනය තුළ සිර වී සිටින ඔවුන් ගෙන්වා ගැනීමට ඒ ඒ රටවල් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

ඉන්දියාව ද මේ වනවිට ඒ සඳහා විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත.

මේ අතරවාරයේ දී ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය පසුගිය දා යුක්රේනයට සහනාධාර ද යැවීය.

ඇඳ ඇතිරිලි, නිදන පැදුරු, සූර්ය බලයෙන් ක්‍රියාත්මක (අධ්‍යයන) ලාම්පු යනාදිය මෙම සහනාධාර ගොන්නට ඇතුළත් විය.

සහනාධාරවලින් කොටසක් ඉකුත් සතිය මැදදී පෝලන්තය වෙත ගුවන් යානයකින් යවා ඇති අතර තවත් කොටසක් රුමේනියාව වත යවා ඇත.

ඉන්දීය ගුවන් හමුදාවේ සහාය ඇති ව සහනාධාර යැවූ බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දුන්නේ ය.

(ඒ.එන්.අයි.)


RECOMMEND POSTS