කොවිඩ් පරීක්ෂණ අඩු කරන්නැයි උපදෙස්
‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් අතින් ඇමෙරිකාව ලොක අංක 1 බවට පත් වී ඇත්තේ දිනපතා දහස් ගණනක් දෙනා වයිරසය ආසාදනය වී ඇතැදැයි සෙවීමේ පරීක්ෂණවලට යොමු කරන බැවිනි.
ආසාදිතයන් හඳුනා ගැනීමට එම ක්‍රමය සාර්ථක වුවත්, ආසාදිතයන් දිනෙන් දින වැඩි වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට දෝෂාරෝපණ එල්ල වෙයි.
‘වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට සිදුකරන වෛද්‍ය පරීක්ෂණ දෙපැත්ත කැපෙන කඩුවක් වගෙයි. මිලියන 25 ක් ඇමෙරිකානුවන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළා. වෙන කිසිදු රටක් මේ විදියේ මහා පරිමානයේ වෛද්‍ය පරීක්ෂණ කර නැහැ. ආසාදිතයන් හඳුනා ගැනීමට හැකි වූයේ පරීක්ෂණ නිසයි. වයිරස ආසාදිතයන් වැඩි වුණා යැයි එසේ පරීක්ෂණ කිරීමෙන් මට චෝදනා එල්ල වුණා’ ජනපති ට්‍රම්ප් ජනරැලියේ දී පැහැදිලි කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආසාදිතයන් හඳුනා ගැනීමට කරන වෛද්‍ය පරීක්ෂණ ප්‍රමාණය අඩු කරන්නැයි ජනපති ට්‍රම්ප් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.
(රොයිටර්)