කොවිඞ් මර්දනයට කේරළය ආදර්ශයක්
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු ඉන්දියාව යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රාන්ත මහ ඇමැතිවරුන් අතර හමුවක් පැවැත්වුණු අතර, කේරළ ප්‍රාන්තය වයිරසය මර්දනය කිරීමට ගත් ක්‍රියා මාර්ග සැමට ආදර්ශයක් බව එහිදී කාගේත් කතාබහට ලක් විය.
ඉන්දියාවෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා වාර්තා වූයේ ද කේරළයෙනි. ඒ, පසුගිය ජනවාරියේය. එදා සිට මේ දක්වා ආසාදිතයන් 512 ක් කේරළයෙන් වාර්තා වී ඇති අතර, මරණ වාර්තා වන්නේ 4 ක් ලෙසය.
කේරළයේ පවතින්නේ භාරතීය ජනතා පක්ෂ රජයක් නොව, කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවූ රජයකි. වයිරසය පාලනය කිරීමට කේරළ ප්‍රාන්ත රජය සමත් වීම ජාත්‍යන්තරයේ පවා අවදානයට ලක් වී ඇත.
දේශපාලනික මත ගැටුම් හේතුවෙන් ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත කේරළ ප්‍රාන්ත රජයෙන් වයිරසය මැඩලීමට සහාය ලබා ගන්නේදැයි සැක සහිත බව ඉන්දීය පුවත් නාළිකා වාර්තා කර තිබේ.
නවදිල්ලියේදීය (රොයිටර්)