කොලොම්බියා පොලිසියකට පහර දෙති
කොලොම්බියා ජනාධිපති ඉවාන් ඩූක් ට එරෙහිව විරෝධතා පවත්වන පිරිස් එරට පොලිසියකට කඩා වැදී පහර දී පොලිස් නිලධාරීන් තිදෙනකු ඝාතනය කර ඇත.
කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරුණු පිරිස් කඩා වැදී පහර දුන්නේ කොලොම්බියාවේ නිරිත දෙසින් පිහිටි පොලිස් ස්ථානයකටය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරීන් හත් දෙනකු රෝහල්ගත කළ බව ද පැවැසෙයි.
ප්‍රෙටල් බෝම්බවලින් දමා ගසමින්, ගෑස් සිලින්ඩර් පුපුරුවා හරිමින් පිරිස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව කොලොම්බියා පුවත් සේවා වාර්තා කරයි.
කොලොම්බියාව ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. ප්‍රචණ්ඩකාරී විරෝධතා මර්දනය කිරීමටත් ජනතාවට ආරක්ෂාව සැපැයීමටත් ආරක්ෂක අංශ යෙදවූ බව ජනාධිපති ඉවාන් ඩූක් පවසා ඇත. බොගෝටා අගනුවරට මේ වනවිට ඇඳිරි නීතිය පැනැවීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
කොලොම්බියා වැසියෝ වීදි බැස විරෝධතා පවත්වන්නේ රජයේ දූෂණ වංචා හේතුවෙනි. සාමකාමී අයුරින් ආරම්භ වුණු විරෝධතා උත්සන්න වූයේ ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට හරස් වුණු බැවිනි. ඊයේ (23) බොගෝටා අගනුවර වීදි බැස විරෝධතා දැක්වූ ගණන 2,50,000 ක් යැයි පැවැසෙයි.
බොගෝටාහිදීය (ඒ.එෆ්.පී.)