කොරෝනා සැබෑ මරණ තුන් ගුණයකින් වැඩියි



ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ සැබෑ කොරෝනා මරණ සංඛ්‍යාව, එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් වැඩි යැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දෙයි.

ලොව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි දත්ත පැය 24 පුරාවට ලබා දෙන ආයතනයක් ලෙස ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පිළි ගැනෙයි. පේරු සෞඛ්‍ය අංශ සැබෑ මරණ වාර්තා සඟවා ඇති බවට පේරු ජනතාව ද චෝදනා කරයි.

පසුගිය සති අන්තය වනවිට පේරු රාජ්‍යයේ මරණ සංඛ්‍යාව වාර්තා වූයේ 69,342 ක් ලෙසය. කෙසේ නමුත් මෙය එක් ලක්ෂ අසූ දහස් හත්සිය හැට හතරක් ලෙස වෙනස් විය යුතු බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසා ඇත.

ලීමාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS