කොරෝනා වයිරසයෙන් දෙවැනි තැන රුසියාවට
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බලපෑම් එල්ල වූ රටවල් අතර දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ රුසියාවය. ඒ, රුසියාවේ ආසාදිතයන් ගණන 2,32,000 පසු කිරිමත් සමඟය.
තවමත් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයේ මෙතෙක් පැවැතියේ මහා බ්‍රිතාන්‍යයයි. රුසියාව අද (13) වනවිට මහා බි්රතාන්යය අභිබවා ගොස් අවසන් යැයි පැවැසෙයි.
‘කොවිඞ් 19’ ආසාදිතයන් ඉහවහා ගොස් ඇති අවස්ථාවක පවා රුසියාවේ දෛනික කටයුතු කෙමෙන් යථා තත්ත්වයට පත් කිරීමටත් ආර්ථිකය යළි පණ ගැන්වීමටත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබේ.
මොස්කව්හිදීය (රොයිටර්)