කොරෝනා මැද්දේ ජනපතිවරණය බෑ



‘කොරෝනා’ වයිරස ව්‍යප්තිය හමුවේ ජනාධිපතිවරණය පැවැත්වීම කළ නොහැකි බව උගන්ඩා ජනාධිපති යුවේරේ මුසෙවේනී පවසා ඇත.

උගන්ඩා ජනාධිපතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතය. 75 හැවිරිදි යුවේරේ මුසෙවේනී උගන්ඩාවේ ජනාධිපති ධුරය හොබවන්නේ දශක ගණනක් තිස්සේය.

කොරෝනා වයිරසයට පින්සිදු වන්න, ජනාධිපතිවරයා තවත් දිගු කාලයක් බලයේ රැඳී සිටීමට උත්සාහ ගන්නවා යැයි විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු චෝදනා නගති.

(අල් ජසීරා)


RECOMMEND POSTS