කොරෝනා මරණ 8,00,000 පනී
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට ලක්ෂ 8 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් ආසාදිතයන් මිලියන 23 පසු කර ඇති බවත් ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
වයිරස ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. දිනපතා ආසාදිතයන් 60,000 බැගින් වාර්තා වන ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය.
නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් පවසා ඇත්තේ, සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය ලබා දෙන්නේ නම්, වයිරස ව්‍යාප්තිය පාලනයට ඇමෙරිකාව ලොක්ඩවුන් කිරීමට තමන් පසුබට නොවන බවය.
(අල් ජසීරා)