කොරෝනා ප්‍රංශ පාර්ලිමේන්තුවටත් රිංගලා
ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඇමැතිවරුන් දෙදෙනකුට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
තවත් මැති ඇමැතිවරුන් පස් දෙනකු රෝගී වී සිටින බවත්, ඔවුන් ද නිරෝධායනය කරමින් කොරෝනා වයිරස පරීක්ෂණ සඳහා යොමු කළ බවත්, ප්‍රංශ පුවත් සේවා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මේ වනවිට ප්‍රංශයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 949 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන්ට අනුව වයිරසයට බිලිවුණු ගණන 11 කි. වයිරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණන 12 කි.
(රොයිටර්)