කොරෝනා දත්ත ප්‍රසිද්ධ කිරීම නැවැත්වීමට තීරණයක්



දෛනිකව කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීම නවතා දැමීමට චීන සෞඛ්‍ය අමත්‍යාංශය තීරනය කර තිබේ.

දෛනිකව කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීමට චීන රජය කටයුතු කර තිබුණේ 2020 වසරේ සිටය.

‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය චීනයයි. වයිරසය හිස එසවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නනගරයෙනි. මේ වනවිට ‘කොවිඩ් 19‘ වසංගතය යළි හිස ඔසවා ඇති චීනයෙන් පසුගිය දිනවල දිනකට ආසාදිතයන් මිලියන 37 ක් බැගින් වාර්තා විය.

දෙසැම්බර් මාසයේ පළමු දින 20 ඇතුළත මිලියන 248 ක් දෙනා වයිරසය ආසාදනය වී ඇතැයි ද චීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්විණි. දෛනිකව ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීමෙන් ඵලක් නැතැයි සෞඛ්‍ය අංශ තීරණය කළේ ඒ අනුවය.

චීනය බිහිසුණු අයුරින් ‘කොවිඩ් 19‘ වසංගතයකට මුහුණ දෙන්නේ එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ බැවිනි. රජය එසේ සෞඛ්‍ය සීමා ලිහිල් කළේ ජනතා විරෝධය හමුවේය.

(රොයිටර්)


RECOMMEND POSTS