කොරෝනා එන්නත ඇමෙරිකානුවන්ට



මෙම 2020 වසර අවසන් වීමට පෙර, කොරෝනා වයිරස වසංගතය පරදවන බවත්,  කොරෝනා එන්නත් ඇමෙරිකානුවන්ට නොමිලේ ලබා දෙන  බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙසේ ප‍්‍රතිඥා දුන්නේ, එලැබෙන නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වැදීමට සිය රිපබ්ලිකන් පක්ෂයේ නිල අනුමැතිය හමුවීමෙන් පසු එය භාර ගනිමිනි. ට‍්‍රම්ප්ට අනුමැතිය හිමිවූයේ රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව රැුස් වුණු අවස්ථාවේදීය. තෙදිනක් තිස්සේ පැවැත් වුණු රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව මේ වනවිට අවසන් වී තිබේ.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ඉහළ ගියේත්, වයිරසය හේතුවෙන් ඇමෙරිකානුවන්ට මියයෑමට සිදුවූයේත් ට‍්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා නිසා යැයි චෝදනා එල්ල වෙමින් පවතී. ප‍්‍රතිවාදී ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පවසා ඇත්තේ, තමක් ජනපති ධුරයට පත්වුවහොත්, කොරෝනා වසංගතය පාලනය නොකිරීමේ වරදට ට‍්‍රම්ප්ට එරෙහිව නීතිමගින් පියවර ගන්නා බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS