කොරෝනා අඩුවක් නැහැ



ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් තව දුරටත් දකින්න ලැබේ.

ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 450 ක් වාර්තා විය. ඒ අනුව, ලොක්ඩවුන් ක්‍රියාවලිය තවත් දින හයකින් දිගු කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 14,283 කි. මරණ වාර්තා වන්නේ 193 ක් ලෙසය. ඕස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 20,698 කි. සමස්ත මරණ 278 කි.

(රොයිටර්)


RECOMMEND POSTS